Colombo Today Local NewsHot News

කැලෑපාළු යකා විල්පත්තුවෙන් වන්නිමේඩුවට, රක්ෂිතය කැපූ බදියූද්දීන්ගේ ආධාරකරුවෝ සහ TNA මන්ත්‍රීන් අතර ගැටුමක්

මුලතිව් දිස්ත්‍රික් මායිමේ වන්නිමඩු රක්ෂිතය හෙළි කරමින් සිටි පිරිසක් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. වන්නි මඩු රක්ෂිතයේ කොන්ඩියාකුප්පම් ප්‍රෙද්ශයේ වනය හෙළි කරමින් සිටි අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ ආධාරකරුවන් පිරිසක් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඇතුළු මන්ත්‍රීන් පිරිසක් අතර මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබෙන බවයි පැවසෙන්නේ. මේ වන විටත් වන්නිමඩු රක්ෂිතයේ දැවැන්ත වන විනාශයක් සිදු කරමින් පවතින බවත් නුදුරේදීම වන්නිමඩු රක්ෂිතයටත් විල්පත්තුවට අත්වූ ඉරණමම අත්විය හැකි බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.අරූන් කාන්තන් මහතා අප සමග ප්‍රකාශ කර සිටියා.

ඒ මහතාගේ ප්‍රකාශය පහතින්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් විල්පත්තු මහා වන සංහාරය සමාජ අවධානයෙන් ගිලිහී ගියද විල්පත්තුව හා ඒ අවට වනාන්තර පද්ධතිය කැලෑ පාලුවන්ගේ අවධානයෙන් මිදී නැති බවයි මෙයින් පෙනී යන්නේ. විල්පත්තු මහා වනය එළි කර ජාතිවාදී පදනමෙන් ජනපද කළාප ඇතිකිරීම පිළිබදව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට විවිධ පාර්ශව විසින් පැමිණිළි කළද එම පැමිණිළි විභාග කිරීම හෝ පරීක්ෂණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොමැති බවයි පැමිණිලි කළ පාර්ශව කිහිපයක් අප සමග පැවසූවේ. දේශපාලන බලයට යටවී නිතීය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසාම අදාල අමාත්‍යවරයා සහ ආධාරකරුවන් නිදහසේ තව දුරටත් වන සංහාරයේ යෙදෙන බව ඔවුන් චෝදනා කරනවා. එබැවින් තවත් විල්පත්තුවක් වීමට පෙර අදාල බලධාරීන්ගේ සහ පරිසර සංවිධානව වල ඇස වන්නිමඩු රක්ෂිතය දෙසට යොමුවිය යුතුව තිබෙනවා.

Related posts

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday