Colombo Today Local News

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබාදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් මෙම සහතිකය ලබා දී ඇති බව සඳහන්.

තම රටේ පවතින ආර්ථික අර්බුදයට, කොරෝනා වසංගතය වගකිව යුතු බව ප්‍රකාශ කර ඇති ඇසල රුවන් වීරකෝන් මහතා බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය අගය කරන බවද ප්‍රකාශ කර ඇත.

සහල් නිෂ්පාදනය 50% කින් පහත වැටී ඇති බැවින් ශ්‍රී ලංකාවට මේ වනවිට පොහොර අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙහිදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇත්තේ. බංග්ලාදේශය විශාල ජනගහනයක් සිටින රටක් වුවද මෙම අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බවයි.

කොරෝන වසංගතය සහ යුක්‍රේන – රුසියා යුද්ධයෙන් පසු ගෝලීය ආහාර ගැටලුව මධ්‍යයේ බංග්ලාදේශය වැඩි වශයෙන් ආහාර වර්ග වගා කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය ප්‍රකාශ කර ඇත.

Related posts

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

ක්‍රිඩා ඇමැතිගෙන් CIDයට පැමිණිල්ලක්

Admin

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

Admin