Colombo Today Local News

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින බවත්, ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු සඳහා අද (10)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

විදෙස් රටවල සිරමැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින බවත් රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

Related posts

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

Admin

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin