බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සදහා 2022.06.11 සහ18 යන දිනවල පෙනී සිටීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අනුමැතිය පරිදි වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක ) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටි.