Colombo Today Local News

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

කොවිඩ් -19 වෛසරය ව්‍යාප්තවීමේ අවදානම සලකා දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා සඳහන් කළේ දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය මෙලෙස හුදකලා කර ඇති බවය.

එම ප්‍රදේශයේ ඉකුත් 24 වනදා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 30 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබේ.

අදාළ ප්‍රදේශයේ පවුල් 26 කට අයත් පුද්ගලයින් 115 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් තිදෙනෙකු සිටි.

මෙම පිරිසට වෛරසය ආසාදනය වූ ආකාරය සොයා මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා පැවසීය.

Related posts

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

colombotoday

මනෝ ගනේෂන් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර මැතිවරණ නීති කඩ කරමින් පත්වීම් දෙයි

colombotoday

හිටපු උපකුලපති අතුල සේනාරත්නට පහරදුන් සිසුහු 6ක් අත්අඩංගුවට

Admin