මෙරට මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මහින්ද චින්තනය යටතේ තම රජය මගින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බවත්, එවකට විශය භාර අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට බොහෝ සෙයින් වෙහෙස වුණු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යුද්දයක් පැවති අතරතුර වුවද චීන ආධාර යටතේ එම ව්‍යාපෘතියට මුදල් වෙන්කළ බවද මහින්ද රාජපක්ෂ මහත් මාධ්‍ය වේදීන් හමුවේ පැවසීය.
පසුගියදා පැවති මොරගහකන්ද කළුගග ජලාශ වේල්ලේ නිධන් තැන්පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියේ අදාළ ව්‍යාපෘතිය සදහා එවක රජයේ ප්‍රධානින්ගෙන් තමන්ට කෙණෙහිළිකම් සිදුවූ බවයි. එම ව්‍යාපෘතිය යහපාලන රජය ආරම්භ කළ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය යැයි අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.