Covid 19

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

අද (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 22,211ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 25,760ක් දක්වා ඉහළ යනු ඇත.

මේ මොහොත වන විට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,032ක් වන අතර රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 6,604කි.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

බිමල් ජයකොඩිත් කොවිඩ් ආසාදනය වෙලා

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක් මෙරටින් සොයාගනී.

colombotoday

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday