Colombo Today Local News

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

බොදු බල සේනා සංවිධානය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා.

[mom_video type=”youtube” id=”RncvPnDOhOU”]

එහිදී ඔහු බොදු බල සේනා සංවිධානය හැදින්වුවේ,මේ රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ගොඩනැගීම වැලැක්වීම සදහා ගොඩනැගුනු ව්‍යාපාරයක් ලෙසටයි. එය හිටපු ආරක්ෂක ලේකම්වරයාද දැන් පිළිගන ඇති බවත්, බොදු බල සේනා සංවිධානය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙස ගොඩ නැගුනේ රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ ඩිලාන් පෙරේරා අතර වසර ගණනාවක සිට ගැටුමක් පවතිනවා. 2005 වසරේදී ඩිලාන් පෙරේරා නියෝජනය කල යුධ විරෝධී පෙරමුණ “යුද්ධය එපා” යන තේමාව යටතේ විහාරමහා දෙවි පිටිය තුල පැවැත්වුණු රැලියක් නවතාදැමීමට ඥානසාර හිමි ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් ක්‍රියාකරන අතර 2012 වසරේ බොදු බල සේනා සංවිධානය ආරම්භයත් සමග අමාත්‍යවරයා සහ ඥානසාර හිමි අතර වාග් ප්‍රහාර උත්සන්න උනා. මිට වසර දෙකකට ඉහතදී ඥානසාර හිමිගේ දැඩි විවේචනයට අමාත්‍යවරයා ලක්වූ වු අවස්ථාවක්….

[mom_video type=”youtube” id=”PEKViuT_9uA”]

(www.ceylonleader.com)

Related posts

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

මද්‍රසා පාසල් නියාමන පනතේ කෙටුම්පත කඩිමුඩියේ අගමැතිට… අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ….

colombotoday

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday