Colombo Today Local News

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන්

ආර්ථිකය ගොඩගැනීමේ වගකීම දුන්නොත් ජනතාවට දැනෙන වෙනසක් මීලග මැතිවරණයට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය තුල කලහැකිදැයි CMN නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් එජාප නියෝජ්‍ය නායක පා.ම රවී කරුණානායක මහතා සඳහන් කර සිටියේ ඇගට දැනෙන වෙනසක් මාස 9ක් තුල තමන්ට කර පෙන්විය හැකි බවයි. කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් තමන් මුදල් ඇමතිව සිටි කාලයේදී රටේ ආදායම වැඩි කල බවත් දැන් ජනතාවට සහන දීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පෙන්වා දුන්නා.

මහබැංකුවේ අවතාර ආර්ථිකය නැති කරනවා.

“ජනතාවගේ ජිවන බර වැඩි වෙලා නේද?” යැයි CMN නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් කරුණානායක මහතා තමන්ට පිළිතුරු දිය හැක්කේ තමන් මුදල් ඇමතිව සිටි කාලය පිලිබදව පමණක් බවත් තමන්ගේ කාලයේදී ජනතාවට ලබාදුන් වරප්‍රසාද අඩුවෙමින් යනු දක්නට ලැබෙන බවත් වැඩකරන්නට හැකි අයට රට බාරදිය යුතු බවත් සඳහන් කර සිටියා.

මහබැංකුව සම්පුර්ණයෙන් වෙනස් කල යුතු බව අවධාරණය කර සිටි රවී කරුණානායක මන්ත්‍රීවරයා ආණ්ඩු වෙනස් වුවාට මහබැංකුවේ නිලධාරීන් වෙනස් නොවුන බවත් මහබැංකුවේ සිටින අවතාර ආර්ථිකය නැති කරගෙන යමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියා.

Related posts

මාස්ක් එකකින් රුපියල් දෙකක ගැහිල්ලක්. – ඇමති බන්දුලට විරුද්ධව අල්ලස් කොමිසමට

colombotoday

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

colombotoday

“ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමට තුර්කිය, කටාර්, සෞදියෙන් අරමුදල්“ – පූර්ව මුස්ලිම් සංවිධානය

colombotoday

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

colombotoday