පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා ද වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පේෂළ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස සරත් ඒකනායක මහතාද පත්කර තිබේ
සියලු ආණ්ඩුකාරවරුන්ට ධුරයන් ගෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත සියලු ආණ්ඩුකාරවරුන් ධුරවලින් ඉල්ලා අස් වූ අතර පුරප්පාඩු දුර යන සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත
තවත් පළාත් සභා හතරක් සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය