Colombo Today Local News

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

හැටන් හි ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ එම ප්‍රදේශ දෙකෙන් කොවිඩ්-19 ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් සමග මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ප්‍රදේශයේ ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ් පොලිස් වසමේ දඩුකැලේවත්ත ප්‍රදේශයේ පහළ කොටසට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය සදහන් කළේ බ්ලැක්වොටර් වත්ත ඉහළ කොටසේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 15දෙනෙකු සහ දඩුකැලේවත්ත ප්‍රදේශයේ පහළ කොටස ප්‍රදේශයෙන් ආසාදිතයින් 7දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මෙම තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක සේවා කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී සංචාරණය සීමා පැනවීමට තීරණය කර ඇත.

Related posts

රාජිත ඇප මත නිදහස්

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

හිටපු ආරක්ෂක ලේකම් 25 රහස් පොලිසියට කැදවයි…

colombotoday

මෙරටින් පිටනොවූ බ්‍රිතාන්‍ය තරුණිය අත්අඩංගුවට

colombotoday

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

colombotoday