Colombo Today Local News

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : 19 හැවිරිදි තරුණයෙකු හා වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු ජූනි 1 වන දා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරු 19 වන වියේ පසුවන අතර ඔහු, මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා ඝාතනයට ලක් වූ රෙදිපිළි අලෙවි සලේ ම සේවකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු නිට්ටඹුව, කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (2)දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු පස්යාල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වඩු කාර්මිකයෙකු බව ඔහු සඳහන් කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකතන, ඝාතනය සිදුවන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

නීති විරෝධී රත්‍රන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි

colombotoday

බෝගස්වැව ගිලින්න හැදූ සැළසුම හෙළිවී බදුර්දීන් කුලප්පු වෙයි..

colombotoday

සාම්පූර් සිද්ධිය මුල්කරගෙන ජනපති අපහසුතාවට පත්කිරීමේ සැළසුමක් ඇත්දැයි අගමැති හොයයි

colombotoday

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday