Colombo Today Local News

ජයන්ත ද සිල්වාට සහ ජෙනරල් දයා රත්නායකට ලේකම් ධූර දෙකක්

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊට අදාළ පත්වීම් ලිපිය අද (30) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ලබා දී ඇති බව ය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත අදාළ පත්වීම් ලිපිය භාර දෙනු ලැබ ඇත.

මේ අතර, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධූරයට ජෙනරල් දයා රත්නායක පත් කර තිබේ.

දයා රත්නායක මහතා මෙරට සිටි යුද්ධ හමුදාපතිවරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකි.

එමෙන් ම ඔහු 2021 වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

Related posts

පුවක්පැළේදී බස් රථයක් පෙරලී 17ක් රෝහලේ

colombotoday

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

colombotoday

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

Admin