Business

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහත බසී

2021 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.6%කින් පහත බැස තිබේ.

2022 වසරේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සදහන් කර ඇත.

උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රේෂණ සහ සංචාරක අදායම් අවම වීම වැනි සාධකවල ප්‍රබල බලපෑම් හේතුවෙන් මෙම කාර්තුව තුළදී අපේක්ෂිත ලෙස ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන් ම, ඉන්ධන ආනයනයට මතුවූ විවිධ බාධා හේතුවෙන් බෙහෝ නිෂ්පාදන, ඉදිකිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වූ අතර සමස්තයක් ලෙස කාර්මික අංශය ද සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව එම නිවේදනයේ දැක් වේ.

කෙසේ නමුත්, සේවා අංශය 2021 පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ කාර්තුව තුළ 0.7%ක ඉතා සුළු ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

සම්පත් බැංකුව මියන්මාරයේ මෙහෙයුම් කටයුතු අරඹයි.

colombotoday

AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.

colombotoday