Business

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (7) ශ්‍රී ලංකා රුපියල් 183.07ක් ලෙස දැක්විණි.
 
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල ඊයේ (6) 179.40ක් ලෙසද සටහන්ව තිබිණි.
 
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව පසුගිය සතියේ සිකුරාදා (4) දක්වා මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.6කින් ඉහළ ගොස් තිබේ.
 

එම කාලයේදී ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.3කින් ද යුරෝවට සාපේක්ෂව සියයට 4.8කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
 
 කෙසේ නමුත් ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.7කින් පහළ වැටී තිබේ.

Related posts

අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි

colombotoday

ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහාය

colombotoday

ඩොලරය රු. 163ට නගී

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday

රුපියල තවදුරටත් බාල්දු වෙයි

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday