Business

AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.

ශ්‍රී ලංකාවේ නවතම සහ ප්‍රධාන පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Asian Institute of Business and Technology හෙවත් AIBT Campus දකුණු ලකේ මාතර පුරවරයෙන් ආරම්භවූ අතර එහි දෙවන ශාඛාව හම්බන්තොට නගරයේදී Degu Lanka පදනමේ සභාපති උපුල් දිසානායක මහතා සහ දකුණුපලාත් AIBT Campus අධ්‍යක්ෂක ශානුක ඩයස් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල ප්‍රමාණයක සහභාතීත්වයෙන් සුභ මොහොතින් විවෘත වූවගයි.

AIBT Campus අධ්‍යාපන ආයතනය ආරම්භකරනු ලැබුයේ දේශීය හා විදේශීය අධ්‍යාපන ක්‍ෂේස්ත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් අධ්‍යක‍ෂක මණ්ඩලයක් යටතේ වන අතර, අධ්‍යාපනෙක‍ ෂ්ත්‍රයේ දේශීය හා විදේශීිය ප්‍රවීනයන් රැසකගේ මාර්ගෝපදේශනය යටතේ උසස් තත්ව පාලනයකින් අන්තර්ජාතික වශයෙන් පිලිගත් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන රැසක් සමගින් පාඨමාලාවන් මෙහෙයවනු ලැබේ.

AIBT Campus හී පාඨමාලාවන් දේශීය හා විදේශීයවශයෙන් පිලිගත් පාඨමාලාවන්වන අතර, එම පඨමාලා හදාරන සිසුන්හට තාමාගේ අතේ ඇති මුදලට සරිලන විශේෂ පාඨමාලා ගාස්තු ලබාදෙනු ලැබේ. AIBT Campus ආයතනය විසින් ඩිප්ලෝමා පාඨමාලාවේ සිට ආචාර්ය උපාධිය දක්වා පාඨමාලාවන් ව්‍යාපාර කලමණාකරණය, තොරතුරු තාක්ෂණය, ඉන්ජිනේරු, ප්‍රාමාණසමීක‍ෂණය, මානව සම්පත්කලමණාකරණය, මනෝවිද්‍යාව, අධ්‍යපන සහ මුල් ලමාවිය සංවර්ධන පාඨමාලාපවත්වනු ලැබේ.

මෙම ආරම්භක උත්සවය ඇමතූ Degu Lanka පදනමේ සභාපතිඋපුල් දිසානායක මහතා AIBT Campus අධ්‍යාපන ආයතනයට ස්තූතිය ප්‍රකාශ කරමින් පවසා සිටියේ විදේශ අධ්‍යාපනය හම්බන්තොට සිසු දරුවන්ට ඉතාම අඩු මුදලකට ලබාදීමත් එසේම හම්බන්තොට හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිසුන්ට ඉතා අධික වියදමක් දරමින් ප්‍රධාන නගරවලට යාමට තව දුරටත්අවශ්‍ය නොවන අතර ප්‍රධාන පෙලේ නගර ආශ්‍රීත සිසුදරුවන්හට
ලැබී ඇති අවස්ථා හම්බන්තොට සිසුන්ටත් මෙතැන් පටන් උදාවන බවයි. මෙහිදී දිසානායක මහතා තව දුරටත්ප්‍ ප්‍රකාශ කර සිටියේ අක්කර තුනක භූමිභාගයක ආරම්භ කෙරුණු මෙමව්‍යාපෘතිය අදියර තුනක් යටතේ දකුණු ආසියාවේ විශාලතම විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

මෙහිදී සභාවඇමතූ AIBT Campus අධ්‍යපන ආයතනයේ දක‍ෂිණ පලාත් අධ්‍යක‍ෂක ශානුක ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ AIBT Campus අධ්‍යාපන ආයතනය විසින් පවත්වන පාඨමාලාවන් උසස් තත්වකලමණාකරණයක් යටතේ සිසුන්ට උපරිම පහසුකම් ලබාදෙන අතර ප්‍රවීන දේශක මඩුල්ලක් යටතේ එම පාඨමාලා පවත්වන ලබනු බවයි.

AIBT Campus අධ්‍යාපනආයතනයේ ගරු සභාපති බ්‍රිතාන්‍ය අධ්‍යාපන විශේෂඥයකු වන John kerr (ජෝන් කර්) මහතා තමන්ගේ සුභ පැතුම් පණිවුඩයේ සදහන්කොටඇත්තේ පවත්නා තත්වය යටතේ තමාට මෙම අනගි අවස්ථාවට සහභාගීවීමට නොහැකිවුවත් තමාගේ හදපත්ලෙන් සුභාශිංශණ AIBT Campus ආයතනයටත් එහි කාර්ය මණ්ඩලයටත් පුදකරන බව පැවසීය. එ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තමා ඉතා ඉක්මනින් හම්බන්තොට ශාඛාවට පැමිණීමට ඉතා කැමැත්තෙන් පසුවන බවත්ය.

AIBT Campus අධ්‍යාපන ආයතනයේ උපසභාපති ආචාර්ය මොහාන් පතිරණ මහතා තම සුභාශිංෂණ පණිවුඩයේ AIBT Campus හී කාර්ය මණ්ඩලය දෙමසක්වැනි සුළු කාලයක් තුල තම දෙවැනි ශාඛාව විවෘත කිරීමට කටයුතු කිරීම ඉතා අගය කලයුතු අතර එ මහතා මෙ අවස්ථාව උදාකර දීම පිලිබඳව තම හෘදයාංගම ස්තුතිය Degu Lanka පදනමේ සභාපති උපුල් දිසානායක මහතාට සහ එහි කලමණාකාරීත්වයට පලකල අතර ආචාර්ය මොහාන් පතිරන මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ උසස් තත්වයේ විදේශීය පාඨමාලාවන් නගරයට පමනක් නොව ගමිබද සිසුන්ටද ඉතා සහනදායී මුදලකට තමාගේම ප්‍රදේශයේදීම ලබාදීමට කාලය පැමිණ ඇති අතර AIBT Campus ආයතනය මෙම සමාජ මෙහෙවරට උරදී කටයුතු කරන බවයි.

AIBT Campus ආයතනයේ පාඨමාලා සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීම සදහා info@aibt.education හෝ 0770453084, 0770453672 හෝ 0770453739 යන දුරකථන අංකවලට අමතන්න.

Related posts

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

colombotoday

VEGA ජිනීවා හිදී එළිදක්වයි

colombotoday

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday