Colombo Today Local News

ගෙවුණු මාස 5 තුළ මෙරටින් HIV ආසාදිතයන් 13ක්

මෙම වසරේ ගත වූ මාස පහ තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී. ආසාදිත වූවන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි ලිංගික සෞඛ්‍ය සේවා පිළිබඳ අනුරාධපුර මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් සඳහන් කරයි.

අනාරක්ෂිත ලිංගික සබඳතා මීට ප්‍රධානතම හේතුව වී තිබෙන බව ඇය අවධාරණය කර සිටී. කහටගස්දිගිලිය, තඹුත්තේගම, හොරොව්පතාන, මධ්‍යම නුවරගම් පළාත හා මැදවච්චිය යන ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමේ ප්‍රවණතාවක් පවතී.

පසුගිය වසරවල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව හා සසඳා බැලීමේ දී 2022 වසරේ මුල් මාස 5 තුළ 13 දෙනකු වාර්තා වීම ආසාදිත සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළ යෑමකි.

අනුරාධපුරයෙන් පළමු වරට HIV ආදිතයකු හමු වී ඇත්තේ මීට වසර 20කට පමණ පෙරය.

එදා මෙදා තුර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති සමස්ත HIV ආසාදිතයන් සංඛ්‍යාව 94 කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ වර්ෂය ලෙස 2020 වසරේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 15කි.

මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 10% ක් මරණයට පත්ව තිබේ.

Related posts

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

බදියුදීන්ගේ දොස්තර සිංහල මව්වරුන්ට වද සැත්කම් කළ බවට සාධක හෙළි වෙයි….

colombotoday

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

colombotoday

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday