කුලියාපිටිය නගරයේ වෙළෙඳසැලක් තුල අද අලුයම හටගත් ගින්නෙන් එම වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්න හේතුවෙන් නගරය හරහා අද තිබූ විදුලි රැහැන් පද්ධතියට සහ දුරකථන රැහැන් පද්ධතියට හානි සිදුවී තිබේ.
කුලියාපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථ හා පොලිසිය එක්ව ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.