Colombo Today Local News

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

වෙළඳ සංගම් නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

රට දැනට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි ක්‍රියා මාර්ග පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කල බවයි අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේය.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස දැනට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට තමන්ටද සැලකිය යුතු කාර්යක් ඉටුකල හැකි බව වෙළඳ සංගම් නියෝජිතයින් එහිදී සඳහන් කළ බව සඳහන් වේ.

මේ වන විට ඇති වී තිබෙන ඩොලර් හිඟය මග හරවා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට නම් මෙරටට ඩොලර් ගෙන ඒම අවශ්‍ය බවත්, තම සංගම් එවැනි කටයුතු ඉටුකල හැකි මට්ටමක ඇති බැවින් තමන්ගෙන් රටට ඵලදායී දායකත්වයක් ලබාගන්නා ලෙසද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර තම සංගමය මේ වන විටත් වගකිව යුතු පාර්ශ්වයන් කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වුවද ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයන් නොලැබුනු බවද සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යතුමා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

රට මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා වෙළඳ සංගම් නියෝජිතයින්ට විශාල කාර්ය භාරයක් පැවරී ඇති බවත් එය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකශ කර තිබේ.

Related posts

මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමට

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

මෛත්‍රීපාල අධිකරණයටත් අපහස කරලා?

Admin

ලක්ෂ 120ක් වංචා කළ, කැලණිය ජල මණ්ඩල හිටපු ගණකාධිකාරීට වසර 37ක සිර දඬුවමක්

colombotoday

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

පුද්ගලික ධනයෙන් විල්පත්තු, කල්ලාරු වන වගාව සිදුකරනු. හිටපු ඇමති රිෂාඩ්ට අභියාචනාධිකරණයෙන් නියෝග.

colombotoday