Colombo Today Local News

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ…. වෛද්‍ය සිසුන්ට චීනයේ යළි අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා පසුගිය දා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 3ක් සිදු කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සලසා දී තිබේ.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ මෙහිදී තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එමෙන් ම, චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීමට පියවර ගෙන ඇති අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එම අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා එවූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා ජනාධිපතිවරයාට භාර දී තිබේ.

Related posts

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Admin

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ස්තූතියි- ගෝඨා

colombotoday

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට දන්වයි

colombotoday

ලෝක කාන්තා දින ජාතික උත්සවය ඇමති සාගලගේ ප්‍රධානත්වයෙන්

colombotoday