හෙට (18) රාත්රී 11:00 සිට ඉරිදා (19) සවස 03:00 දක්වා පැය 16ක ජල කප්පාදුවක් කොළඹ ප්රදේශ කිහිපයකට සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 05 සහ කොළඹ 06 ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 04 ප්රදේශයට අඩු පීඩනය යටතේ ජලය සපයන බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුවක් සිදුකරනු ලබයි.