ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.
ඒ අනුව ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
හිටපු සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ.