මොණරාගල හා අනුරාධපුර ප්රදේශවලදී සඟවා ගෙන සිටි සහල් තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබේ.
මොණරාගල ප්රදේශයේදී සහල් කිලෝග්රෑම් 2,575 ක් හා අනුරාධපුර ප්රදේශයේදී සහල් කිලෝග්රෑම් 1500 ක් සිය භාරයට ගෙන ඇත.
සහල් සඟවා ගනිමින් පාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ චෝදනා මත එම සහල් තොගයේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.