Colombo Today Local News

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ඔරොත්තු නොදෙන බවට මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැති බව ද වෛද්‍යවරයා පැවසීය.

අද (06)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සදහන් කළේය.

“ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ, මේකේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ 23ක් වගේ, ඇල්ෆා ප්‍රභේදයේ 8යි වගේ. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නෑ. මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය එන්නත් වලට ඔරොත්තු නොදෙනවයි කියලා පැහැදිලි සාක්ෂි දැනට නෑ.”

Related posts

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin