Colombo Today Sports News

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (06)දින පැවැති දෙවන විස්සයි 20 තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 160කි.

එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණකි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43කින් එම තරගය ජයග්‍රහණය කළේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 බිඳ දැමීය.

අකිල ධනංජය ලකුණු 13ක් ලබාදී එක් කඩුල්ලක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන් පන්දුවාර ලකුණු 10කට කොදෙව් කඩුලු 03ක් දවා ගත්තේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන් කඩුලු 08ක් බිඳහෙළීම විශේෂත්වයකි.

පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වී තිබුණි.

Related posts

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

colombotoday