පසුගිය මැයි මාසයේ සිදු කළ තාක්ෂණික සාකච්ඡා මත පදනම්ව සිය නියෝජියින් ඉදිරි සතිවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන පිළිබඳ ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා නියෝජිතයින් එලෙස පැමිණෙනු ඇති බව IMF ප්‍රකාශක ජෙරී රයිස් පැවසී ය.
තව ද මෙම දුෂ්කර අවස්ථාවේ සිය ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහය දීම සඳහා ජාත්‍යන්ත මූල්‍ය අරමුදල කැපවී සිටින බව ත් මේ වනවිට ශ්‍රී ලංකාවේ තතත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ත් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.