Colombo Today Local News

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම කේන්ද්‍රයේ සාමාජික රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

එහි දැක්වෙන්නේ, පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඉදිරිපත් වන අපේකෂක්යෙකු, ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු නාම යෝජනා භාර දීමෙන් පසුව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු වන බව ය.

2015 සහ 2020 මහ මැතිවරණ දෙකේදී ම, නාම යෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද අපේක්ෂක හැඳුනුම් පත ලබානොදුන් අතර, අනෙකුත් වරප්‍රසාද සියල්ල අහිමි කළ බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, මෙවර ද පූර්වගාමීන්ගේ කාර්ය පටිපාටිය මැතිවරණ කොමිසම අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු සිය ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට යොමු කළ ධම්මික පෙරේරා මහතාගේ නම එම කොමිසම විසින් පිළිගනු ලැබූ අතර ඒ අනුව එය ගැසට් කිරීමට අනුමැතිය ලබා දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

colombotoday

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

මුදල් සංසරණයට නව කාසියක්

colombotoday