Colombo Today Local News

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඉතිහාසයේ වැඩිම ආදායමක් සතොසට ලැබීම ආරම්භ වූයේ මෙම සහන බඩු මල්ල හඳුන්වාදීමට පටන් ගත් සතියක පමණ කාලයක සිටි බව ඇමැතිවරයා පවසා සිටියේය.

වෙළෙඳ ඇමැතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (5)දින කොළඹ, වෙ​ළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සතොස දෛනික ආදායම ලෙස වෙනදාට ලැබී ඇත්තේ රුපියල් මිලියන 7ක මුදලක් පමණක් බවත් මෙම බඩු මල්ල හඳුන්වාදීමට ආරම්භ කළ දිනයේ සිට දෛනිකව රුපියල් මිලියන 150ක පමණ ආදායමක් ලැබෙන බවත් මෙහිදී ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා පවසන්නේ සුපිරි වෙළෙඳසල් තුනකින් මෙම සහන මල්ලේ ඇති භාණ්ඩ මිලට ගත් අතර එම මිල රුපියල් දහසට වඩා වැඩි වූ බවය. රිසිට්පත් සහිතව එම බඩු මිල ගණන් ඔප්පු කළ පෙන්විය හැකි බවද ඔහු පවසයි.

අධ්‍යාපන ආයතන, රෝහල්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් මෙම සහන මලු එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදිය හැකි බවද මේ වනවිට මෙම සියලු ආයතන සඳහා ලබාදීමට ලංකා සතොස සතුව ප්‍රමාණවත් තොග පවතින බවද වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday

“රට පාලනය කරන හැටි අපි හොදට දන්නවා.. උපදෙස් ඕන නෑ” – මංගල මහින්දට කියයි

colombotoday

මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි…

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday