Colombo Today Local News

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

73 හැවිරිදි කාන්තාවකගේ අතපය ගැට ගසා ඇය භාරයේ සිටි දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා ඉදිරිපිටදී අපයෝජනය කළ බව කියන 40 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වින්දිත දැරියත් මෙම සැකකාර පුද්ගලයාත් අසල්වැසි ඥාතීන් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු පසුගිය (04)දින මෙම වයස්ගත කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ අතපය බැඳ දමා වින්දිත දැරිය හා ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා කාමරයකට රැගෙන ගොස් දොර වසා දමා මරණ බවට තර්ජනය කොට සොයුරා ඉදිරියේදීම අපයෝජනය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් 73 හැවිරිදි කාන්තාව හා අපයෝජනයට ලක්වූ දැරිය විසින් එදිනම පොලිසියට පැමිණිලි කොට ඇත.

සැකකරු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය විසින් විමර්ශනයක් අරඹා තිබේ.

Related posts

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

colombotoday

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

අවසන් විධායක ජනාධිපති

Admin

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday