Colombo Today Local News

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6,000ක් පමණ මෙරටට ආනයනය ලදැයි කියන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් තුමන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් මාර්තු මස 05 වනදා කැඳවන දෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එදින එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්න ඇතුළු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නොතිසි නිකුත් කිරීම සිදුකර තිබේ.

පෙත්සම්කාර කාදිනල් තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවසීය.

Related posts

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

Admin

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin