කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව දැනට හුදකලා කර ඇති ප්රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත.
රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11වන දිනෙන් පසු එළඹෙන 17 වන ඉරිදා සිය යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බව ඉන් දැනුම් දෙයි.