Colombo Today Local News

හර්තාල් දින සේවයට නාවන් සොයයි

දිවයින පුරා හර්තාලයක් ක්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා දිනයේ සේවයට වාර්තා නොකරන ලද නිලධාරීන් පිළිබඳව විස්තර ලබාගැනීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ලිපියක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම්වරු වෙත යොමුකර ඇති බව සඳහන් වේ.

පසුගිය 06 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවයට වාර්තා කිරීම සම්බන්ධ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ආකෘතියට අනුව සම්පූර්ණ කර ලබාදෙන ලෙස අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත.

මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන් වෙනවෙනම සටහන් තබා නොපැමිණීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ වෙනත් කිසිදු අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් මෙවැනි තොරතුරු ලබාගැනීමක් සිදුකර නොමැති අතර ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පමණක් මෙවැනි තීරණයක් ගැනීම ගැටලු සහගත බවය.

එදින ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරින්ගෙන් සියයට 95කට වැඩි පිරිසක් සේවයට වාර්තා කර නොමැති බව එම සංගමය දැනුම්දී ඇත.

ඇතැම් නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙසත් තවත් පිරිසක් ප්‍රවාහන අපහසුතා නිසාත් සේවයට වාර්තා කර නොමැති බවද එම සංගම් දැනුම්දී තිබේ.

Related posts

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

CSN කෝටි 15ක් රාජසන්තකයි !

colombotoday

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

colombotoday