කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් අපවිත්‍ර වී තිබෙන ළිං සහ නළ ළිං පිරිසුදු කර ජල සාම්පලයක් පරීක්ෂා කර ජලයේ පිරිසුදුභාවය තහවුරු කරන තෙක් භාවිතයට නොගන්නා ලෙස ජලසම්පත් කළමනාකරණ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ල සිටි.
ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ජලසාම්පලයක් පරීක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර ගැනීමට 0718587628 / 0776528445 / 0718605592 / 0714414681 යන දුරකථන අංක වෙත ඇමතුමක් ලබාදෙන ලෙසද එම මණ්ඩලයේ සභාපති එස්.කාදර් මහතා සඳහන් කළේය.