ඊයේ (16) දින පැවති කටුගම්පල සමුපාකාර සමිතියේ නිලවරණයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වූ බව ආපදා කලමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී ඡන්ද 101ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර එජාපය ට හිමිව ඇත්තේ ඡන්ද 26ක් පමණි.
ඊයේ පැවැත්වූ පඩුවස්නුවර විවිධ සේවා සමුපාකාර සමිතියේ ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිළ ආසන 72ක් ලබා ජයගත් අතර එජාපයට හිමි වූයේ ආසන 28ක් පමණි.