Colombo Today Local News

නැගෙනහිර ආණ්ඩුකාරයා නෙරපනු.. සම්පූර්ණ බලය අපට දෙනු” – මහඇමති නසීර් තවත් සැරවෙයි

ahamed nazeer 01

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු යැයි නැගෙනහිර පළාත්සභාවේ මහ ඇමති අහමඩ් නසීර් මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30 වැනිදා) එරාවුර් ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ සුළු ජාතීන්ට අසාධාරණකම් සිදුවූ බවත්, වත්මන් ආණ්ඩුකාරයා සිනාසෙමින් සුළු ජාතීන්ට අසාධාරණකම් සිදු කරන බව ඔහු පැවසීය.

අතර සාම්පූර් පාසලේදී නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට බැණවැදීමේ සිදුවීමට පසුව එරාවූර්හිදී උත්සව සභාවක් අමතමින් මහඇමති අහමඩ් නසීර් පවසා සිටියේ 13වන ව්‍යවස්ථා සංශෝධනය පරිදි පළාත් සභාවලට හිමිවිය යුතු සම්පූර්ණ බලය ලබා ගැනීම වෙනුවෙන් තමන් මහ ඇමති වූදා සිට සටන් කරන බවයි. ඒ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදී ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

මේ අතර නැගෙහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු එම තනතුරෙන් ඉවත් කර බෂීර් සේගු දාවුද් හිටපු අමාත්‍යවරයාව පත් කිරීමට මුස්ලිම් කොංග්‍රසය උත්සහායක යෙදී සිටින බවද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වනවා.

නැගෙනහිරින් ඔස්ටීන් ප්‍රනාන්දු පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත් කරන්න හකීම් ඩබල් ගේමක

Related posts

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ එකක් – කතානායක කරු

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday