වීරකැටිය ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
වීරකැටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා පිරිසක් පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මෙලෙස දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.