Colombo Today Local News

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන හත්වැනි අධිවේගි මාර්ගය වන රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිට නව තාක්ෂණය භාවිත කරමින් අද (07)දින ආරම්භ කෙරේ.

යෝජිත රුවන්පුර අධිවේගි මාර්ගය දක්ෂිණ අධිවේගි මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදි කෙරේ. මේ රුවන්පුර අධිවේගි මාර්ගයේ සම්පූර්ණ දුර කි.මී. 73.9කි. මේ ව්‍යාපෘතිය 2014 වර්ෂයේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි.

රුවන්පුර අධිවේගි මාර්ගය අදියර 3ක් යටතේ ඉදි කිරීමට නියමිතය. ඒ අනුව එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මී. 24.3ක දුර ප්‍රමාණයක් ඉදිකරනු ලබයි. මාගා ඉංජිනේරු සමාගම මඟින් මෙහි ඉදි කිරීම් කටයුතු කරනු ලබයි. මේ සඳහා රුපියල් බිලියන 54.70ක් වැය වේ. ඉදි කිරීම් කාලය මාස 30කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදි කර මහජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහා මාර්ග පිළිබඳ වගකීම බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

Related posts

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

පොහොට්ටු පක්ෂය හැදුවොත් පාරේ ඇවිද්දනවා කියූ සිරිසේන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ රෙද්දක් ඇදගෙනද – මන්ත්‍රී සිඩ්නි ජයරත්න

colombotoday

ගමේ මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද එක්කයි… ශ්‍රිලනිපයේ බහුතරය තවමත් මහින්දටයි – ලාල්කාන්ත

colombotoday

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනතා අයිතියට.

colombotoday

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි

Admin