Colombo Today Local News

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි. මෙහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 1.14කි.

මෙම කාලය ඇතුළත මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති එක් දිනක වැඩිම මුදල් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අප්‍රේල් 19 වැනිදාය.

මීට පෙර මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලනය යටතේ 2022 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා කාලසීමාව තුළ පමණක් රුපියල් බිලියන 432.7ක් (රුපියල් කෝටි 43270ක්) මුද්‍රණය කර ඇති අතර එහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 4.5කි. මේ අනුව 2022 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා අතර මාස 04 කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති සමස්ත ශුද්ධ මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 447.6කි. (රුපියල් කෝටි 44760කි) ඒ අනුව එම කාලය තුළ දෛනිකව රුපියල් බිලියන 4.61ක් වශයෙන් මුද්‍රණය කර ඇතැයි සැලකේ.

-අරුණ

Related posts

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday

සයිටම් එකට විරුද්ධව රටපුරා දොස්තරලා අද වර්ජනයේ.. කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday

අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. ඥානසාර හිමි පවසති

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday