Colombo Today Local News

උතුරේ සිංහලයන්ට වන කෙණෙහිළිකම් හොයන්න විශේෂ කොමිසමක් ඕන.. JHU ජනපතිගෙන් ඉල්ලයි

jhu

උතුරු නැගෙනහිර පදිංචි සිංහල ජනතාවට වන කෙනෙහෙලිකම් ගැන සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කරන්නැයි ජාතික හෙළ උරුමය ජනාධිපතිවරයා ගෙන් යලි ඉල්ලා සිටියි.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ  (07) පැවති මාධ්‍ය හමුවකදී එහි මධ්‍යම කාරක සභික, පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් එම ඉල්ලීම අවධාරණය කළහ. මිට ඉහතදීද එම ඉල්ලීම තම පක්ෂය විසින් සිදුකර ඇති බව උන්වහන්සේ සිහිපත් කළහ.

උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේද පැවසුහ.

”යුද්ධය කෙරුනේ ජාතියකට හෝ විශේෂ ජන කණ්ඩායමක් ඉලක්ක කරගෙන නෙවෙයි.”

උතුරේ මහ ඇමති ලෙස විග්නේශ්වරන්ගේ පත්වීමට අප විරුද්ධ වුනේ නැහැ. නමුත් අද වනවිට විග්නේශ්වරන් ඇතුළු කණ්ඩායම විසින් වරින් වර කොනිති ගැසීම් සිදුකරමින් විවිධ සිංහලයාට රිදවීමට උත්සහ කරන බවක් අපට පෙනීයනවා.

යාපනයේ නාවක්කූලී ගම්මානයේ, මන්නාරමේ නරිකාඩු ගම්මානයේ, වැලිඔය කෝකිලායි ගමේ සිංහල ජනතාවට සිදුකෙරෙන අකටයුතුකම් නවතා සෙසු ජනතාව වෙත ලබාදෙන පහසුකම් ඔවුන්ටත් ලබාදෙන ලෙස රජයේ සියලු පාර්ශව වලින් ඉල්ලා සිටිනවා.

ජාතික සංහිදියාව ගැන කථාකරන රටේ උතුරු හා නැගෙනහිර පදිංචි ජනතාවට රටේ පරිපාලන භාෂාව වන සිංහල භාෂාවෙන් සේවා පහසුකම් ලබාගැනීමට නොහැකිවීම ගැන අපි කණගාටු වෙනවා.

ඒ නිසා එවැනි අකටයුතුකම් තවදුරටත් සිදුනොවන පරිදී කටයුතු කරන මෙන් අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඒ ප්‍රදේශ වල බෞද්ධ වෙහෙර විහාර වල ආරක්ෂාව තහවුරු කරදෙන ලෙස වගකිවයුතු පාර්ශව වලින් ඉල්ලා සිටීමටත් අප මෙය අවස්ථාවක් කරගන්නවා.”

Related posts

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

යහපාලනය සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරන්ගේ, පොලිස් ලොක්කන්ගේ ඇදිවත රන්ජන් උනා දැමුවා…. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් දේශපාලන බලපෑමට ලබාදුන් බව තහවුරුයි !

colombotoday

රුසියා තේ වෙළදපොලේ ලංකාවට අහිමිවුණු කොටසට කෙන්යාව මානබලයි !

colombotoday