Colombo Today Local News

“දෙනවා කීව යතුරුපැදි කෝ“ ක්ෂේත්‍ර නිලධාරීන් විරෝධතා.. “පාරවල් දැන් කාපට්.. ඒව ඕන නෑ“ – මුදල් ඇමති

amp22

අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා යතුරුපැදි ලබා නෙ බවට පසුගිය රජය විසින් ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට විරෝධය පලකරමින් ඊයේ 12 අම්පාරේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

“අම්පාරේ මාර්ග සියල්ල කාපට් කර සංවර්ධනය කර ඇති බවත් එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවාහන පහසුකම් නිසිපරිදි ඇති හෙයින් ක්ෂේත්‍ර නිලධාරින් හට යතුරු පැදි ලබාදිම අවශ්‍ය නැති බවට මුදල් අමාත්‍ය රවිකරුනානායක මහතා පාර්ලිමේන්තුවේදි ඉකුත් දිනක ප්‍රකාශ කර තිබුණි. ”

එම ප්‍රකාශයට විරෝධය පලකරමින්, පොරොන්දු වූ පරිදි තමන්ට යතුරුපැදි ලබා දෙන ලෙස බලකරමින් විරෝධයේ නිරත වූ ක්ෂේත්‍ර නිලධාරීන්, පා ගමනින් දිසාපති කාර්යාලය වෙත පැමිණ ගැටළුව සම්බන්ධයෙන් අම්පාර දිසාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක විය. අනතුරුව තම ඉල්ලීම් පිළිබඳව දිසාපතිට සංදේශයක් ලබාදුන් ඔවුන් දින 14 ක් ඇතුළත ඉල්ලීම් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබෙන බව ප්‍රකාශ කළෝය.

Related posts

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

colombotoday

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

මාධ්‍යවලට වල්බූරු නිදහස් දීමට සූදානම් නෑ.. ළගදීම පනතක් ගේනවා – මහින්ද සමරසිංහ

colombotoday