Colombo Today Local News

ගිනිබත් වූ නෞකාව ගැන විමර්ශනයට කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නැයි වරාය සේවක සංගමයෙන් ඉල්ලීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීම, ඊට වගකිව යුත්තන් සොයා දඞුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි ලබාදීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස අදාළ ඉල්ලීම සිදුකර තිබේ.

මාස 03ක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ අතර මෙම නෞකාවෙන් සිදුව ඇති හානිය පිළිබඳ නීති උපදෙස් මත වන්දි ලබාගැනීමේ කටයුතු සිදුකරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ගිනිගැනීමට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් තවමත් සිදුව නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනි ලහදපුර මහත්මිය සඳහන් කළේ එවැනි ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය.

Related posts

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

colombotoday

ක්‍රීඩකයන්ට දුන් තෑග්ගට සල්ලි ඉල්ලා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රතු නිවේදනයක්

Admin

1998 ඉන්දු ලංකා ගිවිසුමෙන් 90% වාසි ගත්තේ ඉන්දියාව.. පසුවිපරමක්වත් නොකර ‘එට්කා’ අත්සන් කිරීම අම‍නෝඥ ක්‍රියාවක්

colombotoday

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

colombotoday