Colombo Today Local News

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

කොවැක්ස් පහසුකම යටතේ ලොව රටවලට එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩොලර් බිලියන 2ක මුදලක් පරිත්‍යාගයක් කර තිබේ.

අමෙරිකානු කොවිඩ් – 19 කාර්ය සාධක බලකායේ ප්‍රධානීවරයා පැවසුවේ, ලොවපුරා රටවල්වලට එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලියට ඩොලර් බිලියන 4 ක මුදලක් පරිත්‍යාග කිරීම යටතේ මෙම මුදල ලබා දුන් බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා එන්නත් මිලියන 80 ලොව පුරා බෙදා හැරීමට කටයුතු කරන බවට අමෙරිකාව නිවේදනය කර ඇති බවයි.

එම එන්නත්වලින් 75 %ක් කොවැක්ස් පහසුම හරහා ලබා දෙන අතර ඉතිරි 25% ක්ෂණික අවශ්‍යතා සඳහා සහ ලොව පුරා බෙදාහැරීමට පියවර ගනු ඇති.

බෙදාහරින එන්නත් මාත්‍රාවලින් මිලියන 6 ක් පමණ දකුණු හා මධ්‍යම ඇමරිකාවට ලබා දෙන බව අමෙරිකාව පවසයි.

අප්‍රිකාවට මාත්‍රා මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් සහ එන්නත් මාත්‍රා මිලියන 6 ක් පමණ මෙක්සිකෝව, කැනඩාව සහ කොරියානු ජනරජයට ලබා දෙන බව සඳහන් ය.

ශ්‍රී ලංකාව ,ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු ආසියානු රටවල් සමග ද එන්නත් මිලියන හතක් පමණ බෙදා දීමට පියවර ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා – කටුනායක කම්හල් දෙකක තවත් 60කට වෛරසය ආසාදනය වෙයි

colombotoday

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත අද කම්කරු උපදේශක සභාවට

Admin

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday