Colombo Today Local News

ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’.. සංචරණ සීමා දැඩිසේ පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙසද දැඩි සංචරණ සීමා කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් (Olivia Nieveas) තම ආයතනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’ බවයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (04 වැනිදා) ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් මෙරට සෞඛ්‍ය සේවකයන් වෙහෙස නොබලා කටයුතු කිරීම ලොවට අනාවරණය කළේය. මෙය කැප කිරීම හේතුවෙන් ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද ඔලිවියා නිවේරාස් අවධාරණය කර තිබේ.

‘‘නමුත් සෞඛ්‍ය සේවකයන්ට, ආරක්ෂක හමුදාවන්ට සහ අනෙකුත් පළාත් පාලන ආයතනවලට මෙය තනිවම පාලනය කළ නොහැකි’’යැයි පවසන නිවේරාස් වසංගතය පාලනය කිරීම සඳහා එක්සත් යනු ‘ප්‍රබල මෙවලක්’ බවය. කෙසේ වෙතත් ලොව පුරා මෑතකාලීනව සිදුවූ විපර්යාසයන් මගින් මෙම ගැටලුවෙන් මිදීමට රටවලට එන්නත බෙදාහැරීම කළ නොහැකි බවද ඇය පෙන්වා දී තිබේ. එම නිසා සංචරණ සීමා දැඩිසේ පැනවීම මේ මොහොතේ වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවද ඇය අවධාරණය කර ඇත.

Related posts

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

Admin

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

ඇගිලි දෙකක් අහිමි වූ මහරගම පොලිස් ස්ථානාධිපති බැලීමට පොලිස් ඇමති රෝහලට

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday