Colombo Today Local News

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ අද (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ඊට අදාළ පත්වීම් ලිපිය මහාචාර්යවරයා ලබාදුන් බවයි.

1960 වසරේ දී ප්‍රථම පන්තියේ සමාර්ථයක් සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් ජී.එච්. පීරිස් මහතා 1965 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබීය.

සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පළමු පත්වීම ලද ඒ මහතා වසර 44ක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබේ.‍

මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා ලොව විවිධ රටවල සිදුවන දේශපාලන වෙනස්කම් පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි.

Related posts

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

colombotoday

“හිතේ ගින්දර නැතිව ලිපි ගිනි මෙලවිය හැකි සුබ අළුත් අවුරුද්දක් වේවා” – හිටපු ජනපතිගේ අලුත් අවුරුදු පැතුම

colombotoday

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

එරික් සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

colombotoday