Colombo Today Local News

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති හෙට (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාවට සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව පවසයි.

මේ අතර ඊයේ (22දා) රාත්‍රිය වන විට අදාළ පත්‍රිකා කිහිපදෙනෙකුට හා යාපනයේ ඇතැම් ස්ථාන කිහිපයක දමා ගොස් ඇති බවටද වාර්තා වෙයි.

අදාළ පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සමසභාපති වරයෙකු වන වෛද්‍ය පී. ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද සමග සඳහන් කොට ඇත්තේ ‘නායකයන්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන ලෙසය.

එහි නායකයන්ගේ මාසය යනුවෙන් සඳහන් කොට ඇත්තේ කොටි සංවිධානයේ මහවිරු මාසය මෙන්ම කොටි නායකයාගේ උපන්දින මාසය වශයෙන් හැඳින්වීමට හැකි බවයි දෙමළ ජනතා සභාවේ සාමාජිකයෙක් පවසා සිටියේය.

අදාළ පත්‍රිකා සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා නිවේදනය කොට ඇත්තේ හෙට (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් බවයි.

Related posts

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

colombotoday

ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ හොයන ජනපති කොමිසම පත්කෙරේ.. ජනපති ගැසට් පත්‍රයට අත්සන් තබයි

colombotoday

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

colombotoday

බදු නග්ගන අලුත් පනත සූදානම්.. ජූලි මුල් සතියේ පාර්ලිමේන්තුවට !

colombotoday

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday