Colombo Today Local News

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

වැලිකඩ හිරගෙදර සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවත්වන උපවාසය හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කලද දිගින් දිගටම ආහාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය වී ඇත.

මේ වන විටත් ඔහුගේ ශරීරයේ සීනි මට්ටම පහල ගොස් ඇති අතර රුධිර ගමනාගමනයද අඩාල වී තිබේ. මීට අමතරව හෘදය වස්තුවේ හා වකුගඩුවල තත්වයද වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරමින් ඇත.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ වීරවංශ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුලත් කරනු ලැබුවේ ඔහුගේ දැඩි විරෝධය මත බවත් මේ වන විටත් ඔහු අඛණ්ඩ උපවාසයේ නිරත වී සිටියි.අද දහවල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද විමල්ගේ සුවදුක් බලන්න බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇත.

Related posts

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

විල්පත්තුවේ ජාතිවාදී ජනපදකරණයට වන රක්ෂිත ඉඩම් පවරාගත් හැටි මෙන්න !

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

අල්ලස් කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රී ගුණරත්න අසයි

colombotoday