Colombo Today Local News

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

කාදින්නල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පසුගියදා ශාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව් මැදුරේ පැවති මංගල දේව මෙහෙයට එක්වෙමින් කළ මානව හිමිකම් හෙලා දැකීමේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය මංගල සමරවීර මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

කාදිනල්තුමන් ජනප්‍රියවාදී වීමට වීරිය කරන සෑම අවස්ථාවකම වැඩ වරද්දා ගන්නා බව එම ටුවිටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර “කතෝලික මර්දනීය අතිතය“ද කෙටියෙන් උපුටා දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ පෙන්වා දී තිබේ.

කතෝලික ආගම පිළිනොගතහොත් හෝ එය ප්‍රශ්න කළ පුද්ගලයින්ට දෙතිස් වද දී මරා දැමීමට සභාව විසින් 12වැනි සියවසේදි යොදාගන්නා ලද “inquisiton“ යනුවෙන් හැඳින්වුන භීෂණකාරී සෝදිසියත් වෙනත් ආගම්වලට එරෙහිව සිය අධිපත්‍යය පැතිරවීමට සඳහා දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරුමුවට පත් කරමින් දියත් කෙරුනු කුරුස යුද්ධය ජගත් මානව හිමිකම් රැකගැනීමේ අවශ්‍යතාව මතු කළ බව අමාත්‍යවරයා පවසයි.

මේ අතර ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව මිහිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පසුගියදා සාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව් මැදුරේ පැවති මංගල දේව මෙහෙයට එක්වෙමින් පැවසීය.

වර්තමානයේ බටහිර සමාජයේ නවතම ආගම වී ඇත්තේ මානහිමිකම් විෂය බවත් එතුමන් පැවසීය.

ශතවර්ශ ගණනාවකට ප්‍රථම සිට ආගමීක නැඹුරුවත් තිබේන ශ්‍රි ලංකා වසීන්ට මානව හිමිකම් සම්බන්ධයෙක් ඉගැන්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද කාදිනල්තුමන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙලෙස මායාවන්ට නොරැවටෙන ලෙසත් බුද්ධිමත්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත් අගරදගුරුතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා – විරතු හිමි සමග සිදුකල විශේෂ සාකච්චාව

colombotoday

අතුරුදන් වූණා කී බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ බොරුව හෙළිවෙයි.. ණය කාරයන්ට පොලු තියා හැංගිලා !

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday