Colombo Today Local News

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (04)දින උදෑසන 6.15 ට පමණ වැලිකන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී තිබේ.

මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, අසේලපුර 104වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී එම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් බස් රථ දෙකෙහි රියදුරන් බරපතළ තුවාල ලබා ඇත.

යුද හමුදා බස් රථය කොළඹ, හොරණ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් රැගෙන වැලිකන්ද පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යමින් තිබියදී අනතුර සිදුවී ඇත.

අනතුරින් යුද හමුදා බස් රථයේ සිටි කොවිඩ් රෝගීන්ට හෝ පෞද්ගලික බස් රථයේ සිටි මගීන්ට තුවාල සිදු වී නොමැති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලීසිය පවසන්නේ කොවිඩ් රෝගීන් ප්‍රවාහනය කළ බස් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවය.

Related posts

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday