Colombo Today Local NewsHot News

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයා ඇමති ෆයිසර් මුස්තාපාගේ ඤාති පුත්‍රයෙක්…

ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියදී පසුගිය දා ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා ඇමති ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ සොයුරියගේ පුත්‍රයා බවට මේ වන විට හෙළිදරව්වී තිබෙනවා.

මොහොමඩ් කමර් නිලාම් නිශාබ්දීන් නමැති 25 හැවිරිදි මෙම පුද්ගලයා ඔස්ට්‍රෙිලියාවේ නිව් සවුත්වේල්ස් විශ්විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිට ඇති අතර, ඕස්ට්‍රේලියානු ත්‍රස්ත මර්ධන නිලධාරීන් හෙලිකරගෙන ඇත්තේ ප්‍රහාර රැසක් සදහා මොහු සැලසුම් සකස් කර තිබෙන බවයි.

ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමතිනී ජූලියා බිෂොප් සහ ලිබරල් පක්ෂ නායකයක වූ බ්‍රවුනින් බිශොප් ඝාතනය කිරීමටද මෙම පුද්ගලයා සැලසුම් කර තිබූ බවට මේ වන විට හෙළිදරව් කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක පූජිත සිඩ්නි ඔපෙරා ශාලාවට මෙන්ම පොලිස්‌ සහ දුම්රිය ස්‌ථානවලට ද ප්‍රහාර එල්ල කිරීමට මොහු සැලසුම් කර තිබූ බවයි.

නිශාබ්දීන් නමැත්තා හිටපු අගමැති ටර්නිබුල් සහ හිටපු විදේශ ඇමැතිනි බිශොප් මරා දැමීමට සැලසුම් කර ඇත්තේ ඔවුන් අයිසීස්‌ සංවිධානයට එරෙහි වීම නිසා බව ද වාර්තා වේ.

පසුගිය කාලය තුළ ඔස්‌ටේ්‍රලියාවේදී අයිසිස්‌ ක්‍රියාකාරීන් 10 ක්‌ අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට මුහුණු හඳුනාගැනීමේ ක්‍රමවේදය

Admin

මරාගන මැරෙන්න. අපි ඉරාකයේදී පරාදයි.දෙව්ලොව කාන්තාවන් 72ක් ඔබ එනතුරු බලා සිටියි – ISIS නායකයා කියයි

colombotoday

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

colombotoday

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday