Colombo Today Local News

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ඇමැති මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් ඩොලර්වලින් සිදුකරන ගෙවීම් භාර ගැනීමට හෝටල්වලට අවසර පවතී. ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ මුදල් බැංකු පද්ධතියට ඇද ගැනීමේ අරමුණින් මෙම අවසරය ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙතෙක් කලක් විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ ඇති විදේශිකයන්ගෙන් පමණක් ලබාගන්නා සේවා වෙනුවෙන් ​හෝටල්වලට ඩොලර්වලින් ගෙවීම් සිදුකළ හැකිය. මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් සතු විදේශ විනිමය (ඩොලර්) හෝටල්වල බිල්පත් සහ වෙනත් ගෙවීම් වෙනුවෙන් භාවිත කළ හැකිය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය 10,000 සිට 15,000 දක්වා ඉහළ නංවා ඇත. එසේම මහ බැංකුව විසින් වාණිජ බැංකු හරහා හඳුන්වා දෙන ලද විශේෂ බැංකු ගිණුම්වල තැන්පත් කරන ඇමරිකානු ඩොලර් වෙනුවෙන් අතිරේක 2% ක පොලී ප්‍රතිශතයක්ද ලබාදෙනු ලබයි.

Related posts

සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටන යේදී; ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව කියයි!!

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සතියක් වසයි

colombotoday

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

Admin

“කන්දෙවිහාරේ පිං කැට සීල් කරේ පඩුරු ආදායම ගණන් බලන්නයි“ – බෞද්ධ කටයුතු කොමසාරිස්

colombotoday